බ්ලූ ප්ලැනට් ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙක් ට

වර්ෂ 2021 “බ්ලූ ප්ලැනට් ත්‍යාගය” සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ තෝරාගෙන තිබේ.

“පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන “බ්ලූ ප්ලැනට් සම්මානයට” ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන අතර බ්ලූ ප්ලැනට් ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය.

තීරක මණ්ඩලය විසින් 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් යන මහතුන්ය.

ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබා දී තිබේ.

බ්ලූ ප්ලැනට් ත්‍යාගය හිමි වන සෑම සම්මාන ලාභියකුටම සහතිකයක්, සමරු කුසලානයක් සහ ත්‍යාග මුදල් පිරිනමනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්‍ය කමිටුවේ (අයිපීසීසී) උප සභාපති ලෙස ඔහු 2007 දී නොබෙල් සාම ත්‍යාගය බෙදා ගත්තේය.

එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය.

ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.

මෙම සම්මාන උළෙල 2021 ඔක්තෝබර් 6 වන දින ටෝකියෝ නුවර කයිකන් හිදී පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් බ්ලූ ප්ලැනට් ත්‍යාගය වෙනුවෙන් පවත්වනු ලබන සමරු දේශන 2021 ඔක්තෝබර් 7 සහ 9 යන දිනවල පිළිවෙලින් එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ (ෂිබුයා වෝඩ්, ටෝකියෝ) සහ කියෝතෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »