Day: April 16, 2021

Pilbara coast ආශ්‍රිත නැංගුරම් ලා ඇති නෞකාවේ කපිතාන්ටත් කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියාවේ Pilbara coast වෙරළ තීරය ආශ්‍රිතව නැංගුරම් ලා ඇති නෞකාවක කපිතාන්වරයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා. AquaGenie නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාට මෙලෙස වෛරසය ආසාධනය වී ඇති අතර එහි තවත් සේවකයෙකුට මීට දින කිහිපයකට පෙර වෛරසය වැළඳී තිබුණා. බටහිර ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ නෞකාවේ අනෙකුත් කාර්ය මණ්ඩලය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. කෙසේවෙතත් ඔවුන්ට අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමටද පියවර ගෙන තිබෙනවා.

Read More »

ගූගල් ඔස්ටේ්‍රලියාවේදී පරදින ළකුණු – ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවන්නත් වෙයි ???

ග්‍රාහකයන්ට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාවකට අදාළව සුප්‍රකට ගූගල් ආයතනයට ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ගෙවීමට සිදුවන ළකුණු පළවී තිබෙනවා. ඒ ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් පවරා ඇති නඩුවට අදාළවයි. 2017-2018 කාලයේදී ඇන්ඩ්‍රොයිඩ් උපාංග හරහා ස්ථානීය පිළිබඳ දත්ත (Location Data) රැස්කිරීමේදී පුද්ගලික තොරතුරු රැස් නොකල බවයි ගූගල් ආයතනය සඳහන් කර තිබුණේ. එහෙත් එම නියමයන් ගූගල් ආයතනය විසින් කඩ කර ඇතැයි ඔප්පුවීමත් සමග ඔවුන්ට එරෙහිව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩුවක් පැවරීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා.

Read More »

ෆයිසර් එන්නත ගත් පුද්ගලයන්ට 03 වන මාත්‍රාවකුත් ගන්න වෙන ළකුණු

ඔස්ටේ‍රලියාව තුළද දැනට වැඩි වශයෙන් භාවිත කරන ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක්ද ලබාදීමට සිදුවනු ඇති බවට ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව දෙවන මාත්‍රාව ගැනීමෙන් මාස 06 ත් වසරත් අතර කාලයකදී පමණ තවත් මාත්‍රාවක් ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. කෙසේවෙතත් මෙම ප්‍රකාශයත් සමග ඔස්ටේ්‍රලියාව ඇතුලු දැනටමත් ෆයිසර් එන්නතේ මාත්‍රා 02 කට පමණක් මුදල් ගෙවා වෙන්කර ගෙන ඇති රටවල එන්නත්කරණ වැඩපිළිවෙල කිසියම් ආකාරයක අඩාලවීමකට ලක්විය හැකි බවටද අනතුරු

Read More »
Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට නිරෝධායනයකින් තොරව රටට එන්න අගමැති මොරිසන්ගෙන් යෝජනාවක්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට කිසිදු අවහිරතාවයකින් තොරව විදෙස් සංචාරවල නිරතවීමටත් නැවත ආපසු පැමිණීමටත් අවසර දීමට ඇති හැකියාව සොයා බලන්නැයි අගමැති ස්කොට් මොරිසන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබේ. සියලුම රටවල් සඳහා දේශ සීමා විවෘත කලහොත් දිනකට කොවිඩ් ආසාධිතයන් 1000 කට ආසන්න පිරිසක් වාර්තා විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් දැනට හෝටල් නිරෝධායනය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි අගමැති මොරිසන් සඳහන් කලා. අද පෙරවරුවේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.

Read More »

පළමු උපන් දිනයට දින 10 ක් තිබියදී බැලුමක් සිරවී නිවු සවුත් වේල්ස් බිළිඳෙකු මරුට

සිය පළමු උපන්දිනය වෙනුවෙන් ගෙනා බැලුමක් උගුරේ සිරවී මාස 11 ක් වයසැති බිළිඳෙකු මියගිය පුවතක් නිවු සවුත් වේල්ස් හි Mount Warrigal ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ (Heath) පළමු උපන් දිනයට තවත් ඉතිරිව තිබුණේ දින 10 ක් පමණයි. ඔහුගේ මරණයෙන් පසු මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර බැලූනය නිසා හුස්ම හිරවීමෙන් පසු හීත් මියගොස් ඇති බව සොයා ගන්නා ලදී. බිළිඳාගේ මව පෙන්වා දුන්නේ බැලූන් පැකට්ටුවේ අනතුරු ඇඟවීමක් තිබුණද, එය පිටුපස හා කුඩා අකුරු වලින් ලියා ඇති බවයි. අවධාරණය කරන්නේ

Read More »