ෆයිසර් එන්නත ගත් පුද්ගලයන්ට 03 වන මාත්‍රාවකුත් ගන්න වෙන ළකුණු

ඔස්ටේ‍රලියාව තුළද දැනට වැඩි වශයෙන් භාවිත කරන ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක්ද ලබාදීමට සිදුවනු ඇති බවට ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දෙවන මාත්‍රාව ගැනීමෙන් මාස 06 ත් වසරත් අතර කාලයකදී පමණ තවත් මාත්‍රාවක් ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශයත් සමග ඔස්ටේ්‍රලියාව ඇතුලු දැනටමත් ෆයිසර් එන්නතේ මාත්‍රා 02 කට පමණක් මුදල් ගෙවා වෙන්කර ගෙන ඇති රටවල එන්නත්කරණ වැඩපිළිවෙල කිසියම් ආකාරයක අඩාලවීමකට ලක්විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

03 වන මාත්‍රාවක් සඳහා වෙන් කරවා ගැනීම් සිදුකිරීමට තවත් බොහෝ කාලයක් බලා සිටීමට සිදුවීමයි ඊට හේතුව වන්නේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »