පළමු උපන් දිනයට දින 10 ක් තිබියදී බැලුමක් සිරවී නිවු සවුත් වේල්ස් බිළිඳෙකු මරුට

සිය පළමු උපන්දිනය වෙනුවෙන් ගෙනා බැලුමක් උගුරේ සිරවී මාස 11 ක් වයසැති බිළිඳෙකු මියගිය පුවතක් නිවු සවුත් වේල්ස් හි Mount Warrigal ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහුගේ (Heath) පළමු උපන් දිනයට තවත් ඉතිරිව තිබුණේ දින 10 ක් පමණයි.

ඔහුගේ මරණයෙන් පසු මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර බැලූනය නිසා හුස්ම හිරවීමෙන් පසු හීත් මියගොස් ඇති බව සොයා ගන්නා ලදී.

බිළිඳාගේ මව පෙන්වා දුන්නේ බැලූන් පැකට්ටුවේ අනතුරු ඇඟවීමක් තිබුණද, එය පිටුපස හා කුඩා අකුරු වලින් ලියා ඇති බවයි.

අවධාරණය කරන්නේ බැලූන් පැකට්වල විශාල අනතුරු ඇඟවීමේ ලේබල අවශ්‍ය බවයි.

 

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »