Pilbara coast ආශ්‍රිත නැංගුරම් ලා ඇති නෞකාවේ කපිතාන්ටත් කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියාවේ Pilbara coast වෙරළ තීරය ආශ්‍රිතව නැංගුරම් ලා ඇති නෞකාවක කපිතාන්වරයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

AquaGenie නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාට මෙලෙස වෛරසය ආසාධනය වී ඇති අතර එහි තවත් සේවකයෙකුට මීට දින කිහිපයකට පෙර වෛරසය වැළඳී තිබුණා.

බටහිර ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ නෞකාවේ අනෙකුත් කාර්ය මණ්ඩලය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

කෙසේවෙතත් ඔවුන්ට අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමටද පියවර ගෙන තිබෙනවා.

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »