මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට නිරෝධායනයකින් තොරව රටට එන්න අගමැති මොරිසන්ගෙන් යෝජනාවක්

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට කිසිදු අවහිරතාවයකින් තොරව විදෙස් සංචාරවල නිරතවීමටත් නැවත ආපසු පැමිණීමටත් අවසර දීමට ඇති හැකියාව සොයා බලන්නැයි අගමැති ස්කොට් මොරිසන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබේ.

සියලුම රටවල් සඳහා දේශ සීමා විවෘත කලහොත් දිනකට කොවිඩ් ආසාධිතයන් 1000 කට ආසන්න පිරිසක් වාර්තා විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් දැනට හෝටල් නිරෝධායනය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි අගමැති මොරිසන් සඳහන් කලා.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මෙහිදී පැවසුවේ එන්නත්කරණ වැඩපිළිවෙල මත පමණක් පදනම්ව දේශ සීමා විවෘත කල නොහැකි බවයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »