Day: April 8, 2021

මෙල්බර්න් අපජලයේ යළිත් වෛරස් කොටස් – ප්‍රදේශ 10 ක ජනතාවට අවවාදයක්

අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් තිබී හමුවීම සම්බන්ධයෙන් මෙල්බර්න් හි ගිණිකොණ දිග අර්ධ නාගරික කලාප 10 ක ප්‍රදේශවාසීන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ අනුව පහත ප්‍රදේශවල වාසය කරන ජනතාවට කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ. එමෙන්ම පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා එම කලාපවල සිටි පුද්ගලයන්ටද මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වනවා. Clayton Clayton South Dingley Village Glen Waverley Mount Waverley Mulgrave Notting

Read More »

බටහිර ඔස්ටේ්‍රලියාවට එකවර ප්‍රබල සුළි කුණාටු 03 ක් පැමිණීමේ අවධානමක්

ප්‍රබල සුළි කුණාටු 03 ක් එකවර පැමිණීමේ අවධානමක් හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ Onslow සිට Jurian Bay දක්වා වන ජනතාවට වහා ඉවත් වන ලෙස කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා. හෙට දිනය වනවිට මෙම කුණාටු 03 ම ගොඩබිමට ඇතුලු විය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ. විශේෂයෙන් වෙරළාසන්න කූඩාරම් හෝ caravan තුළ සිටින්නන්ට වහා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසටද දැනුම් දී තිබෙනවා. මින් එක් කුණාටුවක් Seroja ලෙස නම් තබා ඇති අතර අනෙක් කුණාටු 02 ට මේ දක්වා නම්

Read More »

ඉන්දියාවේ සිට ආ 17 කට කොරෝනා – ඉන්දියාවේ සිට පැමිණෙන්නන්ට නවසීලන්තයට ඇතුලුවීම තහනම්

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි. ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ටද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දන්වා ඇත්තේ. ඕක්ලන්ඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාආර්ඩර්න් මහත්මිය මේ බව නිල වශයෙන් නිවේදනය කලා. විදේශයන්ගෙන් නවසීලන්තයට පැමිණි පුද්ගලයන් අතර සිටි 23 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඉන් 17 දෙනෙකුම ඉන්දියාවේ සිට පැමිණි

Read More »

Just In: මාස ගණනකට පසු මෙල්බර්න් ආ පළමු යානය ලංකාවෙන්

මාස ගණනකට පසු වික්ටෝරියා ප්‍රාන්තයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් පත්වී තිබෙනවා. කොළඹ සිට ගමන් ගත් යූ එල් 604 ගුවන් යානය අද අලුයම 04 යි 20 ට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබුවා. එහි ගමන් ගත් සියලුම මගීන් දින 14 ක හෝටල් නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණා. ශ්‍රී ලංකාවට අමතරව සිංගප්පූරුව – දෝහා – අබුඩාබි සහ ඩුබායි යන නගරවල සිට පැමිණෙන ගුවන් යානා ද අද දිනය තුළදී මෙල්බර්න්

Read More »

කාර්යාල තුල ලිංගික හිංසන වළකන්න රෙගුලාසි 55 ක්

කාර්යාල තුල ලිංගික හිංසන වළක්වාලීම සඳහා අගමැති ස්කොට් මොරිසන් ගේ රජය නව රෙගුලාසි මාලාවක් සම්මත කරගෙන තිබෙනවා. නීතීඥයන් මෙන්ම දේශපාලනඥයන්ද ඊට යටත්වීම විශේෂත්වයක්. පාර්ලිමේන්තුව ඇතුලු ප්‍රසිද්ධ ආයතන ගණනාවකදී කාන්තාවන්ට විවිධ ලිංගික හිංසන සිදුවීම සැළකිල්ලට ගෙනයි රජය මෙම යෝජනා සම්මත කරගෙන ඇත්තේ. අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ 55 ම පිළිගන්නා බව අද පැවති මාධ්‍ය හමුවකදී අගමැති මොරිසන් කියාසිටියා.

Read More »