ඉන්දියාවේ සිට ආ 17 කට කොරෝනා – ඉන්දියාවේ සිට පැමිණෙන්නන්ට නවසීලන්තයට ඇතුලුවීම තහනම්

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි.

ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ටද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දන්වා ඇත්තේ.

ඕක්ලන්ඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාආර්ඩර්න් මහත්මිය මේ බව නිල වශයෙන් නිවේදනය කලා.

විදේශයන්ගෙන් නවසීලන්තයට පැමිණි පුද්ගලයන් අතර සිටි 23 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ඉන් 17 දෙනෙකුම ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »