
මාස ගණනකට පසු වික්ටෝරියා ප්‍රාන්තයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් පත්වී තිබෙනවා.
කොළඹ සිට ගමන් ගත් යූ එල් 604 ගුවන් යානය අද අලුයම 04 යි 20 ට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබුවා.
එහි ගමන් ගත් සියලුම මගීන් දින 14 ක හෝටල් නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණා.

ශ්‍රී ලංකාවට අමතරව සිංගප්පූරුව – දෝහා – අබුඩාබි සහ ඩුබායි යන නගරවල සිට පැමිණෙන ගුවන් යානා ද අද දිනය තුළදී මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සමස්ත ගුවන් මගීන් 106 දෙනෙකු අද දිනය තුල පැමිණෙන බවයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් කියාසිටියේ.

ලබන 15 වනදා දක්වා දිනකට මගීන් 800 ක්ද අනතුරුව මගීන් 1120 ක්ද බැගින් ජාත්‍යන්තර ගුවන් මගීන් භාර ගැනීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් සැළසුම් කර ඇත්තේ.