Breaking : වික්ටෝරියා Lockdown තත්වය දීර්ඝ කෙරේ

සැලසුම් කර තිබූ පරිදි හෙට එනම් අගහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown තත්වය අවසන් නොකරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews කියයි.

මෙල්බර්න් හිදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ කෙදින තෙක් Lockdown තත්වය පවතින්නේද යන්න බොහෝදුරට හෙට දිනයේදී ප්‍රකාශ කල හැකි බවයි.

දැනට ක්‍රියාත්මක Lockdown තත්වය හෙට (20) රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතව තිබිණ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෑත කාලීන කොවිඩ් පොකුර 72 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ පරීක්ෂණ 54,839 ක් සිදුකර තිබිණ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »