වික්ටෝරියා ප්රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෑත කාලීන කොවිඩ් පොකුර 72 දක්වා ඉහළ යයි.
ඊයේ දිනය තුළ පරීක්ෂණ 54,839 ක් සිදුකර තිබිණ.
මේ අතර ප්රාන්තයට පණවා ඇති Lockdown තත්වය දීර්ඝ කරන්නේද නැතහොත් අවසන් කරන්නේද යන තීරණය අද පෙරවරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
දැනට ක්රියාත්මක Lockdown තත්වය හෙට (20) රාත්රී 12 න් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.