ප්‍රථම වරට කෙන්යාවේ පොදු ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කරයි

කෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම  බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි විවෘත කරනු ලැබිණ.

සුප්‍රසිද්ධ කෙන්යානු ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකරන ලදි. .

රැස්ව සිටි ප්‍රජාව අමතමින්, මහ කොමසාරිස් කනනාදන් මෙසේ පැවසීය “අද උදෑසන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී බුද්ධ ප්‍රතිමාවක් පළමු වරට ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවකි. කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් එය අපගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් පෙරළයි. කෙන්යාවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මට අභිමානයක් වන අතර, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. 

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »