කුසල්-ධනුෂ්ක-දික්වැල්ලට නිදහසට කරුණු විමසීමේ ලිපි

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නිදහසට කරුණු විමසීමේ ලිපියක් භාර දෙයි.

කොරෝනා ජෛව ආරක්ෂිත බුබුළ බිඳීම, හොර රහසේ හෝටලයෙන් පිටත්වීම හා රටට අපකීර්තිය ගෙන ඒම වැනි කරුණු යටතේ චෝදනා එල්ල වූ මේ තිදෙනා නිදහසට කරුණු විමසීමේ ලිපියට දක්වන ප්‍රතිචාර අනුව පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කෙරේ.

මේ වෙනුවෙන් ම පත්කළ පංච පුද්ගල කමිටුව අනතුරුව පරීක්ෂණ ආරම්භ කරන අතර, ක්‍රීඩකයන් තිදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කළ මේ කමිටුවට උපරිමාධිකරණයේ හිටපු විනිසුරු නිමල් දිසානායක‍, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රණවක, නීතිඥ උචිත වික්‍රමසිංහ හා විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා පත් කර ඇත.

සිද්ධියෙන් පසුව කොළඹට ගෙන්වූ ක්‍රීඩකයන් තිදෙනා නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටි අතර, එම නිරෝධායනය අවසන් වූ පසු පරීක්ෂණයේ මූලික කටයුතු ආරම්භ කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවා ඇති අතර, එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන්ට ගෙවන කිසිදු මුදලක් ඔවුන්ට නොදීමට තීරණය වී ඇත.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම නීති කැඩීම සම්බන්ධව අනිවාර්ය දඬුවමක් දෙනු ඇතැයි පැවැසේ.

නිල නොවන වාර්තා පැවසුවේ මෙම ක්‍රීඩකයන් 03 දෙනා තමන්ට දඩුවම් අඩු කරන ලෙස ඉල්ලා ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »