වික්ටෝරියා පාසල්වල e-දුම්වැටි පානය නතර කිරීමට අලුත් වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන ඊ-දුම්වැටි පානය නතර කිරීමට පාසල් බළධාරීන් විසින් නවතම පියවරක් අත්හදා බලමින් සිටී.

ඒ අනුව වැසිකිළි ඇතුලු ස්ථානවල අධි සංවේදී උපකරණ සවි කිරීමට පියවර ගෙන තිබේ.

දැනටමත් මෙල්බර්න් නගරයේ පාසල් 06 ක මෙම උපකරණ සවි කර ඇතැයි සඳහන්.

ඊ-දුම්වැටි වල දුමාරය හඳුනාගත් සැණින් පාසලේ ගුරුවරුන් ඇතුලු ඉහළ පාලනාධිකාරිය වෙත ඒ බව දැක්වෙන කෙටි පණිවිඩයක් යොමු කිරීම සහ සී සී ටී වී කැමරා ඔස්සේ පටිගත කිරීම් ආරම්භවීම අනතුරුව සිදුවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 12 ත් 17 ත් අතර වියෙහි පසුවන සිසුන්ගෙන් සියයට 14 ක් පමණ ඊ-දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී ඇති අතර ඉන් බහුතරය මිතුරන් මාර්ගයෙන් මීට පුරුදු වී ඇති බවටයි අනාවරණ වන්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »