මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක ගින්නකින් දෙදෙනෙකු මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක ගින්නකින් දෙදෙනෙකු මරුට

මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක ගින්නකින් දෙදෙනෙකු මරුට

මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 11 ට පමණ Tallarook-Pyalong මාර්ගයේ පිහිටා තිබූ නිවසක මෙම ගින්න හටගෙන තිබිණ.

වික්ටෝරියා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අනුව නිවස මුලුමනින්ම ගිනිගෙන විනාශ වී තිබේ.

කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා පැය එකහාමාරකට ආසන්න කාලයක් ගතවී ඇතැයිද වාර්තාවෙයි.

ගින්නට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර විදුලි කාන්දුවක් බවටද සැක මතුවී ඇත.

 

Pic – 9News