මෙල්බර්න් Berwick හිදී තියුණු ආයුධයකින් පහරදී BMW X5 රථයක් පැහැරගත් 07 ක් අල්ලයි

මෙල්බර්න් Berwick ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ BMW X5 මෝටර් රථය පැහැර ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාවන් 03 දෙනෙකුද ඒ අතර වන බවයි.

අද අලුයම 02 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබිණ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තුවාලවල තත්වය බරපතල නැතැයි පොලිසිය කියයි.

ඔහුගේ මෝටර් රථය Princes Highway හි අතහැර දමා තිබියදී අලුයම 03 ට පමණ සොයාගෙන තිබේ.

 

Pic – Vic Police

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »