
Lockdown තත්වය පැවතියදීත් නීති කඩා සාදයක් පැවැත්වූ සිඩ්නි නුවර හෝටලයකින් කොවිඩ් ආසාදිතයන් 03 දෙනෙකු හමුවී ඇත.
Waterloo හි Meriton Suites හෝටලයෙනුයි මෙම සිදුවීම වාර්තා වන්නේ.
එහි පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම සාදය පවත්වා ඇති බවද වාර්තා වනවා.

සිඩ්නි නගරයට සති දෙකක Lockdown තත්වයක් පණවන ලද්දේද එදිනම වීම විශේෂත්වයක්.
මේ අනුව මුලු හෝටලයම මේ වනවිට කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර පසුගිය සෙනසුරාදා රාත්‍රී 07 සිට අද උදාසන 08 දක්වා එම හෝටලයේ සිටි ඕනෑම අයෙකු වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

Pic – 7 News