
සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය සහ ෆෙඩරල් පොලිසිය ගත වූ සතිය තුළ වයස අවුරුදු 14 ත් 17 ත් අතර බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දේවස්ථානයේ පිහි ඇනුමේ ප්‍රධාන සැකකරු සමග සම්බන්ධයක් ඇති බවට හෙළිවීමෙන් පසුවයි.
මෙම සැකකරුවන් සියලු දෙනාම ආගමික අන්තවාදී මතවාදයක දායක බවටයි පොලිසිය චෝදනා කර ඇත්තේ.

මෙම අත්අඩංගුවට ගැනීම්වලදී සැලකිය යුතු තහනම් භාණ්ඩ ප්‍රමාණයක් ඇතුළුව භාණ්ඩ ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඊයේ අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සැකකරු හෙට ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කෙරුණා.

මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් නව යොවුන් වියේ පසුවන තරුණයින් හත් දෙනාගෙන් හය දෙනෙකුට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය, ෆෙඩරල් පොලිසිය, ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය සහ අපරාධ කොමිසමේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමක් විසිනුයි විමර්ශන සිදු කරනු ලබන්නේ.