බ්‍රිස්බන් ගුවන් තොටුපළේ සේවය කල 37 හැවිරිදි කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී තිබේ.
ඇය කටාර් ගුවන් සේවයට අයත් check-in counter හි සේවය කල අයෙකු බවයි වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා දිනයේදී ඇයට වෛරසය වැළඳුණු බවට විශ්වාස කෙරෙන අතර පළමුවෙන් රෝග ලක්ෂණ පහළවී ඇත්තේ ගිය ඉරිදා දිනයේදීයි.
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 02 කි. ඉන් එක් අයෙකු බ්‍රිස්බන් හි පදිංචි පෘතුගාල ජාතික පවුලකට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකි.
ක්වීන්ස්ලන්ඩ් හි දැනට Lockdown සීමා ක්‍රියාත්මක south-east Queensland, Townsville, Magnetic Island and Palm Island ප්‍රදේශවල එම තත්වය හෙට පස්වරු 06 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.
එහෙත් එය දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධ අවසන් තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිතයි.
Pic – Pinterest