Day: July 1, 2021

රටට ගෙන්වා ගන්නා ඔස්ටේ‍රලියානුවන් සංඛ්‍යාව අඩු කරන ලෙස වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක අගමැතිවරුන් ඉල්ලයි

සතිපතා රටට ගෙන්වා ගන්නා ඔස්ටේ‍රලියානුවන් සංඛ්‍යාව අඩු කරන ලෙස ප්‍රාන්ත 03 ක අගමැතිවරුන් මධ්‍යම රජයෙන් ඉල්ලීම් කර තිබේ. වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් හා බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිවරුන් විසිනුයි එම ඉල්ලීම් කර ඇත්තේ. ඔවුන්ගේ යෝජනාව වන්නේ සතියකට ගෙන්වන ප්‍රමාණය 6000 ප්‍රමාණය තවත් අඩු කල යුතු බවයි. වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ විදේශයන්ගෙන් පැමිණෙන අයගෙන් කොවිඩ් වෛරසය පැතිරීම වේගවත් විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බවයි. ඩෙල්ටා වැනි විවිධ ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරීමත් සමග හෝටල් නිරෝධායනය දරාගත නොහැකි මට්ටමකට පත්විම

Read More »

බ්‍රිස්බන් ගුවන් තොටුපළේ කටාර් check-in counter හි සේවිකාවකට කොවිඩ්

බ්‍රිස්බන් ගුවන් තොටුපළේ සේවය කල 37 හැවිරිදි කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී තිබේ. ඇය කටාර් ගුවන් සේවයට අයත් check-in counter හි සේවය කල අයෙකු බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා දිනයේදී ඇයට වෛරසය වැළඳුණු බවට විශ්වාස කෙරෙන අතර පළමුවෙන් රෝග ලක්ෂණ පහළවී ඇත්තේ ගිය ඉරිදා දිනයේදීයි. ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 02 කි. ඉන් එක් අයෙකු බ්‍රිස්බන් හි පදිංචි පෘතුගාල ජාතික පවුලකට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකි. ක්වීන්ස්ලන්ඩ් හි දැනට Lockdown සීමා ක්‍රියාත්මක

Read More »

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු බි්‍රතාන්‍යයේදී මරුට

ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් කාන්තාවක සති 05 කට පසු මහා බි්‍රතාන්‍යයේදී මියගොස් තිබේ. ඇයගේ වයස මෙතෙක් අනාවරණය වී නොමැත. ඇයගේ මරණයට නිශ්චිත හේතුව එන්නත නිසා හටගත් සංකූලතාවයක්ද නොඑසේ නම් වෙනත් කාරණයක්ද යන්න මේ දක්වා හෙළිවී නැහැ. එමෙන්ම මෙම කාන්තාව ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ඇති අයෙකුද ස්ථිර පදිංචිය හිමි අයෙකුද යන්න පවා වාර්තා වී නැතැයි බි්‍රතාන්‍ය වාර්තා කියාසිටියා. වයස අවුරුදු 52 ත් 83 ත් අතර පුද්ගලයන් 05 දෙනෙකු පසුගිය සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත හමුවේ හටගත් සංකූලතා හමුවේ

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් / 12 ක් වෛරසය තිබියදීත් සමාජය තුළ සැරිසරලා

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමු වී ඇත. ඊයේ දිනයේදී (30) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,941 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,716 ක් ලබා දී තිබේ. ආසාදිතයින් අතරින් 12 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබෙන විට සමාජය තුළ සැරිසරා ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය. Greater Sydney කලාපයට පනවා ඇති lockdown කාලයේදී රැකියා කටයුතු

Read More »

2021-22 වික්ටෝරියා පුහුණු නිපුණතා වීසා ROI වැඩසටහන ඇරඹෙයි

2021-22 වසර සඳහා වන වික්ටෝරියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා (Skilled Migration Program) වීසා වැඩසටහනට අදාළ අභිලාෂය ලියාපදිංචි කිරීම (Registrations of Interest) අද සිට ආරම්භ විය. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව Sub class 190 යටතේ අයදුම්පත් 3500 ක් ද Sub class 491 යටතේ අයදුම්පත් 500 කටද අවස්ථාව පවතී. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින හා සේවය කරන පුද්ගලයන්ට මෙවර වැඩි අවස්ථාවක් පවතී. 2021-22 වසරට අදාළ සුවිශේෂී වෙනස්කම් අවම සුදුසුකම් හා සේවය කල පැය ගණන ඉවත් කිරීම අපේක්ෂිත ක්ෂේත්‍රවල අයදුම්පත් ගණන

Read More »