නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් / 12 ක් වෛරසය තිබියදීත් සමාජය තුළ සැරිසරලා – AusLanka TV – Australian News for the Sri Lankan community

නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් / 12 ක් වෛරසය තිබියදීත් සමාජය තුළ සැරිසරලා

නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් / 12 ක් වෛරසය තිබියදීත් සමාජය තුළ සැරිසරලා

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමු වී ඇත.

ඊයේ දිනයේදී (30) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,941 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,716 ක් ලබා දී තිබේ.

ආසාදිතයින් අතරින් 12 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබෙන විට සමාජය තුළ සැරිසරා ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Greater Sydney කලාපයට පනවා ඇති lockdown කාලයේදී රැකියා කටයුතු සිදුකළ අත්‍යවශ්‍ය සේවකයින් කිහිපදෙනෙකු මෙම තත්ත්වයට මුහුණ පා ඇත.