Day: July 1, 2021

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලින් ආසාධිතයන් නෑ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකල කොවිඩ් පරීක්ෂණ 29,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරින් කිසිදු ආසාධිතයෙකු වාර්තා වී නොමැත. එමෙන්ම හෝටල් නිරෝධායනයෙන්ද ආසාධිතයෙකු හමුවී නොමැති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ. කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා ඉදිරි දින 07 ටත් බලාත්මක වන අතර බොහෝ දුරට ලබන 08 වනදා සිට තවදුරටත් ඒවා ලිහිල් වනු ඇති බවට විශ්වාස කෙරේ. මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්. නමුත් දකුණු

Read More »

මෙල්බර්න් ගුවන් තොටුපලේදී ට්‍රක් රථයක් හා මෝටර් රියක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

මෙල්බර්න් ගුවන් තොටුපලේදී ට්‍රක් රථයක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. Terminal Drive හා Centre Road අතරදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවිය. මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරායි. මෙහිදී තවත් කාන්තාවක බරපතල තුවාල ලබා තිබුණි. ට්‍රක් රියදුරා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   Pic – 9News

Read More »

NSW ප්‍රාන්තයේද ව්‍යාපාරික ස්ථානවල සහ කාර්යාලවල QR Codes අනිවාර්ය කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද ව්‍යාපාරික ස්ථානවල සහ කාර්යාලවල QR Codes භාවිත කිරීම අනිවාර්ය කර තිබේ. ප්‍රාන්ත ඩිජිටල් හා මහජන සේවා ඇමති Victor Dominello පැවසුවේ ලබන 12 වනදා සිට එය ක්‍රියාත්මක වන බවයි. කිසියම් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට හඳුනාගත හොත් ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන් හඳුනාගැනීම මෙමගින් පහසුවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඩෙල්ටා වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද Victor Dominello සඳහන් කලා. දැනටමත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රමය අනිවාර්ය කර ඇති අතර

Read More »