මෙල්බර්න් ගුවන් තොටුපලේදී ට්‍රක් රථයක් හා මෝටර් රියක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

මෙල්බර්න් ගුවන් තොටුපලේදී ට්‍රක් රථයක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Terminal Drive හා Centre Road අතරදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවිය.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරායි.

මෙහිදී තවත් කාන්තාවක බරපතල තුවාල ලබා තිබුණි.

ට්‍රක් රියදුරා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Pic – 9News