
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද ව්‍යාපාරික ස්ථානවල සහ කාර්යාලවල QR Codes භාවිත කිරීම අනිවාර්ය කර තිබේ.
ප්‍රාන්ත ඩිජිටල් හා මහජන සේවා ඇමති Victor Dominello පැවසුවේ ලබන 12 වනදා සිට එය ක්‍රියාත්මක වන බවයි.
කිසියම් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට හඳුනාගත හොත් ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන් හඳුනාගැනීම මෙමගින් පහසුවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඩෙල්ටා වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද Victor Dominello සඳහන් කලා.
දැනටමත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රමය අනිවාර්ය කර ඇති අතර එම නියමයන් කඩ කරන පාර්ශවවලට එරෙහිව දඩ නියම කිරීමද සිදුවනවා.
