2021-22 වික්ටෝරියා පුහුණු නිපුණතා වීසා ROI වැඩසටහන ඇරඹෙයි

2021-22 වසර සඳහා වන වික්ටෝරියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා (Skilled Migration Program) වීසා වැඩසටහනට අදාළ අභිලාෂය ලියාපදිංචි කිරීම (Registrations of Interest) අද සිට ආරම්භ විය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව Sub class 190 යටතේ අයදුම්පත් 3500 ක් ද Sub class 491 යටතේ අයදුම්පත් 500 කටද අවස්ථාව පවතී.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින හා සේවය කරන පුද්ගලයන්ට මෙවර වැඩි අවස්ථාවක් පවතී.

2021-22 වසරට අදාළ සුවිශේෂී වෙනස්කම්

අවම සුදුසුකම් හා සේවය කල පැය ගණන ඉවත් කිරීම
අපේක්ෂිත ක්ෂේත්‍රවල අයදුම්පත් ගණන ඉහළ දැමීම

ඔබ 2020-21 වසර සඳහා ROI එකක් ඉදිරිපත් කර තේරීමකට ලක්නොවී නම් 2021-22 වසර සඳහා නව ROI අයදුම්පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර https://liveinmelbourne.vic.gov.au/migrate/skilled-migration-visas/registration-of-interest-for-victorian-state-visa-nomination මගින් ලබාගත හැකිය.

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »