Search

මෙහෙකාර කතට අමානුෂිකව සැළකූ ද්‍රවිඩ යුවළට වසර 25 ක සිර දඩුවමක් නියමවන ළකුණු

වසර 08 ක් පුරා ද්‍රවිඩ ජාතික කාන්තාවකට අමානුෂික අන්දමින් සළකා ඇති මෙල්බර්න් හි ද්‍රවිඩ යුවළ විසින් දිනයක වැටුප ලෙස ඇයට ගෙවා ඇත්තේ ඩොලර් 03 ක මුදලක් පමණක් බව අනාවරණ වී තිබේ.

එමෙන්ම මොවුන් විදේශ සංචාරයක නිරතවු අවස්ථාවකදී ඇයව නිවස තුළ සිර කර දමා ගොස් ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

Kumuthini Kannan සහ ඇයගේ සැමියා වන Kandasamy ට එරෙහිව පැවත්වෙන මෙම නඩු විභාගයේදී ඔවුන් මේ වනවිටත් වරදකරුවන් බවට පත්වී ඇති අතර ඔවුන්ට වසර 25 බැගින් වන සිර දඩුවම් නියම වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙම යුවළ විසින් අදාළ 60 හැවිරිදි කාන්තාවට උණු වතුර වත් කිරීම ඇතුලු අමානුෂික ක්‍රියා රැසක් සිදුකර ඇති බවද අධිකරණයේදී හෙළිවිය.

2007 – 2015 දක්වා කාලයේදී ඔවුන් විසින් Mount Waverley පිහිටි සිය නිවසේ තබාගෙන ඉවුම් පිහුම් වැඩ / පිරිසිදු කිරිම් / ළමුන් බලාගැනීම් වැනි කාර්යයන් රැසක් මෙහෙකාරිය ලවා කරවාගෙන ඇති බව සඳහන්.

දිනකට පැය 23 ක් පමණ මැය සේවය කර ඇති අතර 2015 වසරේ ජූලි මාසයේදී ඇදවැටීමකට ලක්වී තිබෙනවා.

නඩු විභාගයේදී විත්තිකාර පාර්ශවයේ නීතීඥවරයා සඳහන් කර තිබුණේ තම සේවාදායිකාව කිසියම් උපකාරයක් කිරීමේ අරමුණින් මෙම තැනැත්තිය සේවයට ලබාගෙන ඇති බවයි.

ඇය ඔස්ටේ්‍රලියානු – ඉන්දු සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රජාවේ වැදගත් චරිතයක් බවද නීතීඥවරයා සඳහන් කර තිබේ.

අදාල සේවිකාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි තැනැත්තියක වන අතර ඇයගේ බර කිලෝ 40 ක් දක්වා අඩුවී තිබූ බවද වාර්තා වනවා.

Pic – 9 News

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »