බ්‍රිස්බන් සිට මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 128 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ

බ්‍රිස්බන් සිට මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 128 දෙනෙකු සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.

මෙම පිරිස ගමන් ගත් යානයේ ගුවන් සේවිකාවක පසුගිය 26 වැනිදා කොරෝනා වෛරසයට ධනාත්මක වීම ඊට හේතුව වේ.

එමෙන්ම මෙල්බර්න් ගුවන්තොටුපල සහ Holiday Inn Express හෝටලයද ප්‍රාන්තයේ අවදානම් ස්ථාන වශයෙන්ද නම් කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සිට පැමිණි කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාවේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා දින තුනක කාලයකට දැඩි කොරෝනා සීමා පනවා තිබේ.

මෙම කාන්තාව සිඩ්නිහි අවදානම් සහිත ප්‍රදේශ වෙත ගමන් කොට ඇති අතර පසුගිය 22 වැනිදා සිට 24 වැනිදා දක්වා වෛරසය වැළඳී සිටියදී ප්‍රජාව අතර සිට ඇති බවට විශ්වාස කෙරේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »