හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසිනුයි මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

ඉදිරි අයවැයේදී වැටුප් සහිත මාපිය නිවාඩු සඳහා රජය ඩොලර් බිලියන 1.1ක දායකත්වයක් ලබා දෙන අතර ඉන්පසු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන විට වසරකට ඩොලර් මිලියන 600ක් බැගින් ලැබෙනු ඇති.

2025 ජූලි 1 වන දින සිට, සුදුසුකම් ලත් දෙමාපියන්ට රජයෙන් අරමුදල් සපයන මාපිය නිවාඩු වෙනුවෙන් අමතරව සියයට 12ක මුදලක් සුපර් ඇනුඒෂන් අරමුදලට බැරවීමට ද නියමිතයි.

ජිම් චාමර්ස් සඳහන් කළේ Medicare ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 3ක් වෙන් කෙරෙන අතර සමස්ත සෞඛ්‍ය සඳහා ඩොලර් බිලියන 8.5ක ආයෝජනයක් ද සිදු කෙරෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් අතිරේක හදිසි සත්කාර සායන 29ක් සඳහා තවත් ඩොලර් මිලියන 227ක අරමුදල් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එමඟින් රට පුරා සායන 87ක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

හෙට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් අයවැය මගින් ෆෙඩරල් රජයේ සම්පූර්ණ ක්‍රියාමාර්ග ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ඇති.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »