Search

සිසුවෙකුට කොවිඩ් – සිඩ්නි Rose Bay ද්වීතියික පාසලේ සියලු සිසුන් හා කාර්ය මණ්ඩලය හුදකලා කෙරේ

සිසුවෙකුට කොවිඩ් වැළඳී ඇතැයි ඔප්පුවීමත් සමග සිඩ්නි හි Rose Bay ද්වීතියික පාසලේ සියලු සිසුන් හා කාර්ය මණ්ඩලය හුදකලා කර තිබේ.

එමෙන්ම හෙට සිට යළි දැනුම් දෙන තුරු පාසල වසා තබන බවයි විදුහල්පතිනී Melinda Bright නිවේදනය කලේ.

රෝග ලක්ෂණ මතුවේදැයි වඩාත් අවධානයෙන් පසුවන ලෙස සියලු සිසුන්ට දැනුම්දීමක්ද කර ඇත.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 18 ක් හමුවූ අතර මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 130 දක්වා ඉහල ගොස් ඇත.

මුහුණු ආවරණ නොපැලඳි, කොරෝනා එන්නත නොලැබි සිඩ්නිහි රියදුරකු සිඩ්නි ගුවන්තොටුපලේ සිට ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රැගෙන යාමෙන් අනතුරුව සිඩ්නි හි කොරෝනා පොකුර ඇරඹීම සිදුවිය.

එම රියදුරාගෙන් පසු ඔහුගේ බිරිඳට වෛරසය වැළඳී ඇති අතර එතැන් සිය වෛරසය ශීග්‍ර ලෙස ව්‍යාප්ත වීම සිදුවිය.

කෙසේ නමුත් මෙම රියදුරා කිසිදු අයුරකින් සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීමක් සිදු කොට නොමැති අතර ඒ හේතුවෙන් ඔහුට කිසිදු චෝදනාවක් එල්ල නොවේ.

Credit: Google Maps

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »