වික්ටෝරියා ප්‍රාන්තයට නීති විරෝධීව ඇතුලුවන්නන් හඳුනාගැනීමට පොලිස් නිළධාරීන් 200 ක්

ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සිට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තය විසින් සීමා කිහිපයක් පණවා තිබේ.

ඒ අනුව Greater Brisbane (Queensland) & Perth Metropolitan and Peel regions (Western Australia) ප්‍රදේශ Orange Zones ලෙස නම් කර ඇත.

ඔවුන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි නමුත් පැය 72 ක් තුළ කොවිඩ් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්යයි.

සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා.

එමෙන්ම හි ඩාර්වින් නගරය රතු කලාපයක් ලෙස නම් කිරීමටද වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කලේය.

වික්ටෝරියා සෞඛ්‍ය අංශ පැවසුවේ ප්‍රාන්තයට නීති විරෝධීව ඇතුලුවන්නන් හඳුනාගැනීමට පුලුල් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් නිළධාරීන් 200 කට වැඩි පිරිසක් යොදවනු ලැබ සිටී.

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »