NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 29 ක් / Lockdown තත්වය පුලුල් වන ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 29 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් කිහිප දෙනෙකු සිඩ්නි නගරයේ මුහුදු ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක (Great Ocean Foods in Marrickville) සේවකයන් බව සඳහන්.

මේ අතර කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට පමණක් දැනට ක්‍රියාත්මක Lockdown තත්වය ඉදිරි පැය කිහිපය තුළ තවත් ව්‍යාප්ත කෙරෙනු ඇති බවටද අනාවැකි පළවෙයි.

ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙයි.

Northern Territory හි රත්‍රං පතලක සේවකයෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට තහවුරු වී තිබේ.

බි්‍රස්බන් හිදී ඔහුට වෛරසය ආසාධනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »