Day: June 26, 2021

NSW ප්‍රාන්තයේ Bunnings, Woolworths, Coles ඇතුලු ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග අවධානම් ස්ථාන ලැයිස්තුවද ඉහළ ගොස් තිබේ. ඒ අනුව Bunnings, Woolworths, Coles ඇතුලු ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. පහත ස්ථානවල අදාල වේලාවන් හි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා. NEW Cafe de la Fontaine, Potts Point, on Sunday, June 20 between 10.30am and 12pm. NEW Revolver Cafe, Annandale on Sunday, June 20 between 10.45am and 12.10pm NEW

Read More »

ඔස්ටේ්‍රලියා – නවසීලන්ත trans-Tasman බුබුළ යටතේ ගුවන් ගමන් අත්හිටුවයි

ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රාන්ත සමග trans-Tasman ගුවන් සංචාරක බුබුළ යටතේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබේ. අද රාත්‍රී 08 යි 30 සිට ලබන අගහරුවාදා රාත්‍රී 10 දක්වා එය බලාත්මක වනු ඇති. නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ northern territory ප්‍රාන්තවලින් නව ආසාධිතයන් කිහිප දෙනෙකු හඳුනාගැනීමත් සමගයි නවසීලන්ත රජය මෙම පියවර ගෙන ඇත්තේ.

Read More »

Lockdown සීමා කඩ කර ක්වීන්ස්ලන්ඩ් පැමිණි වික්ටෝරියා යුවළට $ 2000 ක තවත් දඩයක්

Lockdown සීමා කඩ කර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණි වික්ටෝරියා ප්‍රාන්තවාසී යුවළට ඩොලර් 1000 ක් බැගින් තවත් දඩ නියම කර තිබේ. ඒ නිවාස තුළ රැඳී සිටින ලෙස කර තිබූ නියමය කඩ කර චිත්‍රපටයක් බැලීමට යාම හේතුවෙනුයි. 48 හැවිරිදි අදාළ පුද්ගලයා සහ 44 හැවිරිදි බිරිඳ ක්වීන්ස්ලන්ඩ් බලා යන අතරතුර Dubbo Reading Cinemas හිදි චිත්‍රපටයක් නරඹා ඇතැයි සඳහන්. අදාළ වකවානුවේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවසර ලැබී තිබුණේ අත්‍යවශ්‍යම කාර්යයක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමටයි. චිත්‍රපට නැරඹීම

Read More »

NSW ප්‍රදේශ 04 ක Lockdown තත්වය ජූලි 09 දක්වා දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 04 කට පණවා ඇති Lockdown තත්වය ජූලි 09 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව අද පස්වරු 06 සිට Greater Sydney, the Blue Mountains, the Central Coast & Wollongong ප්‍රදේශ සඳහා Lockdown සීමා බලාත්මක වන බවයි NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ. අත්‍යවශ්‍ය කරුණු 04 ක් සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනු ඇති. ආහාර හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබාගැනීමට කොවිඩ් එන්නත හෝ වෙනත් ඖෂධ ලබා ගැනීමට

Read More »

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 29 ක් / Lockdown තත්වය පුලුල් වන ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 29 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් කිහිප දෙනෙකු සිඩ්නි නගරයේ මුහුදු ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක (Great Ocean Foods in Marrickville) සේවකයන් බව සඳහන්. මේ අතර කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට පමණක් දැනට ක්‍රියාත්මක Lockdown තත්වය ඉදිරි පැය කිහිපය තුළ තවත් ව්‍යාප්ත කෙරෙනු ඇති බවටද අනාවැකි පළවෙයි. ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා

Read More »