Day: June 26, 2021

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙක් – සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. ඔහු මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි සඳහන් වන්නේ. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තය තුළ එනනත් මාත්‍රා 19,807 ක් ලබාදී ඇති අතර කොවිඩ් පරීක්ෂණ 21,595 ක් සිදුකර තිබේ. සිඩ්නි නගරයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ අයෙකු මෙන්ම ඔහු සේවය කල ස්ථානයේ හිමිකරු කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමත් සමග මේ වනවිට වික්ටෝරියා සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසුවේ.

Read More »

බහු සංස්කෘතික වැසියන්ට රැකියා ලබාගැනීමට වික්ටෝරියා රජයෙන් ඩොලර් මිලියන 3.9 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ සහ බහු සංස්කෘතික වැසියන්ගේ රැකියා ලබාගැනීම සඳහා වන බාධක ජයගැනීමට වන සහායක් වශයෙන් එම ප්‍රාන්තය ඩොලර් මිලියන 3.9ක මුදලක් වෙනකොට තිබේ. සත්කාරක සංවිධාන 11ක් සඳහා මෙම ආධාර ලබාදෙන අතර ඒ ඔස්සේ එම ආධාර අවශ්‍ය තරුණ සහ බහු සංස්කෘතික රැකියා අපේක්ෂකයින් හට උපකාර සැලසේ. වයස අවුරුදු 16-25ත් අතර පිරිස සහ ස්ථිර රැකියා ලබාගැනීම සඳහා විවිධ බාධක වලට මුහුණ දෙන බහු සංස්කෘතික පසුබිමක් සහිත වැඩිහිටි පිරිස සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ සම්බන්ධයෙන් අදහස්

Read More »

විදෙස් සිසුන් ගෙන්වා ගැනීමේ මූලික වැඩ ඇරඹෙයි / ප්‍රාන්ත 03 ක අලුතින් නිරෝධායන මධ්‍යස්ථාන

ප්‍රාන්ත 03 ක නිරෝධායන පහසුකම් වැඩි කරන ලෙස දන්වමින් අගමැති ස්කොට් මොරිසන් එම ප්‍රාන්තවල අගමැතිවරුන් වෙත ලිඛිතව දන්වා තිබේ. වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා එම ප්‍රාන්තයි. මහා පරිමාණ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවසර දෙන ලෙස ප්‍රාන්ත කිහිපයකින්ම මධ්‍යම රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා. මේ අනුව මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ Mickleham හි ඇඳන් 1000 කින් සමන්විත මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යෝජිතයි. පළමු අධියර ලෙස ඇඳන් 500 ක් මෙම වසර අවසන්වීමට පෙර සකස් කර අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ. Brisbane ගුවන්

Read More »