
Lockdown සීමා කඩ කර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණි වික්ටෝරියා ප්‍රාන්තවාසී යුවළට ඩොලර් 1000 ක් බැගින් තවත් දඩ නියම කර තිබේ.
ඒ නිවාස තුළ රැඳී සිටින ලෙස කර තිබූ නියමය කඩ කර චිත්‍රපටයක් බැලීමට යාම හේතුවෙනුයි.
48 හැවිරිදි අදාළ පුද්ගලයා සහ 44 හැවිරිදි බිරිඳ ක්වීන්ස්ලන්ඩ් බලා යන අතරතුර Dubbo Reading Cinemas හිදි චිත්‍රපටයක් නරඹා ඇතැයි සඳහන්.

අදාළ වකවානුවේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවසර ලැබී තිබුණේ අත්‍යවශ්‍යම කාර්යයක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමටයි.
චිත්‍රපට නැරඹීම ඊට අයත්ව තිබුණේ නැහැ.

මෙම යුවළට මීට පෙර ඩොලර් 4003 බැගින් දඩ නියමව තිබූ අතර අද දිනයේදී පණවා ඇති දඩයත් සමග සමස්ත දඩ මුදල ඩොලර් 10,000 ඉක්මවා යනවා.
Pic – Google