NSW ප්‍රදේශ 04 ක Lockdown තත්වය ජූලි 09 දක්වා දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 04 කට පණවා ඇති Lockdown තත්වය ජූලි 09 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව අද පස්වරු 06 සිට Greater Sydney, the Blue Mountains, the Central Coast & Wollongong ප්‍රදේශ සඳහා Lockdown සීමා බලාත්මක වන බවයි NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ.

අත්‍යවශ්‍ය කරුණු 04 ක් සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනු ඇති.

ආහාර හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබාගැනීමට
කොවිඩ් එන්නත හෝ වෙනත් ඖෂධ ලබා ගැනීමට
උපරිමය 10 දෙනෙකු වශයෙන් ශරීර සුවතා සඳහා
රැකියා හෝ අධ්‍යාපනය සඳහා (නිවසේ සිට කල නොහැකි නම්)

අද සහ හෙට දිනවලදී පමණක් විවාහ උත්සව පැවැත්වීමට අවසර හිමිවේ.

එහෙත් ලබන සඳුදා සිට ජූලි 09 වනදා දක්වා එය තහනම් වනවා.

අවමංගල්‍ය උත්සව පැවැත්වීමට අවසර හිමිවන්නේ උපරිම 100 දෙනෙකුට පමණයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »