සිඩ්නි සිට මෙල්බර්න් පැමිණි 60 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ්

සිඩ්නි සිට මෙල්බර්න් දක්වා පැමිණි 60 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ දියණිය බැලීම සඳහා සිඩ්නි ගොස් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස වෛරස ආසාධිතයෙකු ලෙස වාර්තා වී ඇති බවයි.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ වන විට Bondi ප්‍රදේශය ආශ්‍රිතව හටගත් එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිඩ්නි නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා නීති පැනවීමට කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් අනෙකුත් ප්‍රාන්ත විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට විවිධ සංචරණ සීමා පනවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »