Day: June 24, 2021

මෙල්බර්න් Sandringham Dry Cleaners හි 02 වන කොවිඩ් ආසාධිතයාත් වාර්තා වෙයි

මෙල්බර්න් නගරයේ Sandringham Dry Cleaners ආයතනයට සම්බන්ධ දෙවන කොවිඩ් ආසාධිතයාද මීට සුලු වේලාවකට පෙර වාර්තා වී තිබේ. මෙහි සේවකයෙකු වන 60 හැවිරිදි පුද්ගලයෙකු සිඩ්නි නුවර සිට පැමිණිමෙන් පසු කොවිඩ් ආසාධිතයෙකු ලෙස පළමුවෙන් අද උදාසන හඳුනාගැණින. වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අද පස්වරුවේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයා මෙහි හිමිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි. ඔහු Burwood East හි වාසය කරයි. Sandringham Dry Cleaners ආයතනය මේ වනවිට වසා දමා ඇත. පෙර

Read More »

NSW හා ACT ප්‍රාන්තවලටත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හා Australian Capital Territory (ACT) ද ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට සූදානම් වන බවට වාර්තා පළවේ. ඒ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් විශේෂ අනුමැතියක් හිමිවී තිබේ. මෙම නියමු වැඩසටහන සඳහා අදාළ ජාත්‍යන්තර සිසුන් හට වලංගු ශිෂ්‍ය Visa බලපත්‍ර තිබිය යුතුය. එමෙන්ම දින 14 ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා රැඳී සිටිය යුතුය. මෙම වැඩසටහනේ සියලු වියදම් විශ්වවිද්‍යාල අංශය විසින් කළමනාකරණය කරනු ඇත. මෙම නියමු වැඩසටහන හරහා NSW සහ ACT

Read More »

සිඩ්නි සිට මෙල්බර්න් ආ ආසාධිතයා පැමිණි ගුවන් යානය / රැකියා ස්ථානය සියල්ල හෙළිවෙයි

සිඩ්නි නගරයේ සිට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාධිත ලෙස හඳුනාගත් වික්ටෝරියා ප්‍රාන්තවාසියා, වෛරස ආසාධිතයන් පොකුරක් බිහිවී ඇති උපන්දින සාදයටද සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ. මෙම සාදයට 30 දෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් 13 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාධිතයන් බවට පත්වී අවසන්. මෙල්බර්න් නුවර පදිංචිකරුවෙකු වන 60 හැවිරිදි මෙම තැනැත්තා පසුගිය ඉරිදා සිඩ්නි නුවර සිට මෙල්බර්න් දක්වා පැමිණ තිබුණා. මේ අතර මෙම තැනැත්තා සේවය කල ආයතනය (Sandringham Dry Cleaners) මේ වනවිට Tier 01 ඝනයේ අවධානම්

Read More »

Breaking: හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව සිර දඩුවම් විඳිමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලැබී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කලේ පොසොන් පොහොය දිනයට සමගාමීව අද දිනයේදී නිදහස ලැබූ 93 දෙනා අතර හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාද වන බවයි. අයුතු ලෙස රඳවාගෙන සිටි හිටපු එල් ටී ටී ඊ සැකකරුවන් 16 දෙනෙකු සහ වෙනත් වැරදි මත බන්ධනාගාර ගතවූවන් 77 දෙනකු මෙලෙස නිදහස් කර තිබෙනවා. 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත්

Read More »

සිඩ්නි සිට මෙල්බර්න් පැමිණි 60 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ්

සිඩ්නි සිට මෙල්බර්න් දක්වා පැමිණි 60 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ දියණිය බැලීම සඳහා සිඩ්නි ගොස් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස වෛරස ආසාධිතයෙකු ලෙස වාර්තා වී ඇති බවයි. ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට Bondi ප්‍රදේශය ආශ්‍රිතව හටගත් එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිඩ්නි නුවර යළි හිස

Read More »