
මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් වැඩ පොළකදී concrete pumper යන්ත්‍රයක් පුපුරා යාමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
Bourke Street හි ස්ථානයක මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අදාළ ස්ථානයේදීම 04 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති බවයි Ambulance Victoria සඳහන් කලේ.

කොපමණ පිරිසක් තුවාල ලැබුවේද සහ ඔවුන්ගේ තත්වය කවරේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.
Spring Street අසලදී Bourke Street හි තරමක රථවාහන තදබදයක්ද මේ වනවිට පවතින බවයි වාර්තා පළවන්නේ.

අංක 86 සහ 96 දරණ ට්‍රෑම් සේවා ද මේ වනවිට තාවකාලිකව වෙනත් ගමන් මාර්ගයකට යොමු කර තිබේ.
Pic – 7News