වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට ගෙන්වාගත හැකි අමුත්තන් ගණන ඉහළ යන ළකුණු

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව අනිද්දා (25) සිට බලපැවැත්වෙන පරිදි ලිහිල් කෙරෙන සීමා සම්බන්ධයෙන් ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ අද නිවේදනය කිරීමට නියමිතයි.

නිවාස සඳහා ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව වැඩි කිරීම ද ඒ යටතේ සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනු ඇති.

එමෙන්ම විවාහ – අවමගුල් හා අනෙකුත් උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව 300 දක්වා වැඩි කරනු ඇති බවටද වාර්තා පළවනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »