Search

මෙල්බර්න් Capital Golf Course වෙත සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටේ

මෙල්බර්න් නගරයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබේ.

Moorabbin ගුවන් තොටුපළ අසල පිහිටි Capital Golf Course වෙත එය කඩා වැටී ඇත.

ගුවන් යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් වන අතර ඔහු කඩා වැටුණු යානය තුළ සිරවී සිටියේය.

ඔහුව ගලවා ගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

බරපතල තුවාල සහිතව ඔහු රෝහල්ගත කර තිබේ.

ගුවන් යානය කඩා වැටීමට හේතුව මේ දක්වා අවිනිශ්චිතය.

Pic – 9News