
අයි එස් සටන්කාමීන්ට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ Posts පළකල සිඩ්නි නගරයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
24 හැවිරිදි මොහු අත්අඩංගුවට පත්වූයේ Chester Hill සහ Sefton ප්‍රදේශවල ඊයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි.
සැකකරු සතුව තිබී අන්තවාදි අදහස් ඇතුළත් ලිපි ලේඛන විශාල පොලිසියක්ද සොයාගත් බව NSW ප්‍රාන්ත පොලිසිය කියයි.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමට යොදාගන්නා උපදෙස් මාලාවක්ද මොහු සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්.
පොලිසිය පැවසුවේ මාස 07 කට ආසන්න කාලයක් පුරා සිදුකල නිරීක්ෂණවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

Parramatta Local Court වෙත සැකකරු අද ඉදිරිපත් කෙරේ.
Pic – NSW Police