“තාත්තා මට ඇණපු ටොක්ක විකෘති කරලා” – ජිප්සීස් සුනිල් CID හමුවට

තමන් විසින් ගායනා කරන ලද ගීතයකට වෙනත් වචන යොදා අපහාසාත්මක ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ තාත්තා මට ඇණපු ටොක්ක ගීතයේ පදමාලාව වෙනස් කර, පවතින රජයට සහ එහි බළධාරීන්ට අපහාස වන අයුරින් සකස් කල ගීතයක් මේ වනවිට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති බවයි.

සිය අනුමැතියකින් තොරව සිදුකල මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොණු කල බවද සුනිල් පෙරේරා සඳහන් කලා.

ඔහු කියාසිටියේ තම ගීතවල දේශපාලන උපහාසාත්මක වදන් ඇතත් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයකට අපහාස වන අයුරින් ගීත නිර්මාණය කර නොමැති බවයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »