ක්වීන්ස්ලන්ත Skilled Visa nomination වැඩසටහන තාවකාලිකව නවතී

තම skilled visa program හෙවත් නිපුණතා වැඩසටහන යටතේ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා තවදුරටත් ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහන යටතේ 2021 ජුනි 14 වන දායින් පසුව කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් නොකරන බව ඔවුන්ගේ වෙබ් අඩවිය දක්වා ඇත.

ඒ අනුව පහත සියලුම වීසා ඛාණ්ඩ සහ වැඩසටහන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව ඔවුන් පවසා ඇත.

  • The Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Queensland 491-SBO (Small Business Owners) Pathway
  • The Skilled Nominated (Permanent) visa (subclass 190)
  • Queensland Business Program

මේ වන විටත් business සහ skilled අංශ වල සැලකිය යුතු ලෙස ගොඩ ගැසී ඇති අයදුම්පත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් සලකා බලමින් සිටින බවද ඔවුහු පවසති.

කොරෝනා වසංගතය හේතුවෙන් පහත රැකියා ක්ෂේත්‍ර වෙත ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

  • Health
  • Medical research
  • Life sciences
  • Agri-food
  • Digital

ඊට අමතරව පහත රැකියා/ වෘත්තීන් සඳහාද විශේෂ සැලකිල්ලක් දක්වන බව ඔවුහු සිය වෙබ් අඩවියේ දක්වා ඇත.

  • Air Ambulance
  • Critical Medical
  • Medical Technology
  • Engineering
  • Critical Infrastructure
  • Supply Chain
  • Telecommunications
  • Film & Television Production
  • Maritime Industry
  • Agricultural Technology Food Technology
  • Mining
  • Emerging Technology
  • Financial Technology
  • Large Scale Manufacturing

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »