වසර 30 කට පසු superannuation සඳහා කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්

වසර 30 කට පසු superannuation සඳහා හඳුන්වාදුන් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මුදල් අමාත්‍ය Josh Frydenberg පවසන්නේ වෙහෙස මහන්සි වී රැකියාවේ නිරත වන ඔස්ටේ්‍රලියානුවන්ට මෙමගින් අමතර මුදලක් හිමිවනු ඇති බවයි.

superannuation සඳහා අදාළ වන ගාස්තු කිහිපයක් කපා හැරීමද නව යෝජනා අතරට අයත්.

මින් ඉදිරියට රැකියා වෙනස් කිරීමේදී එකම superannuation ගිණුමක් හරහා අරමුදල් ලබාගත හැකි වන අතර රැකියාවෙන් රැකියාවට ගිණුම් විවෘත කල යුතු වන්නේ නැහැ.

superannuation අරමුදලට අදාළ ගාස්තු වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් වාර්ෂිකව වියදම් කරන මුදල ඩොලර් බිලියන 30 ක් බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කලේ.

ඇතැමුන් තමන්ගේ superannuation ගිණුමේ කොපමණ මුදලක් ඇතිදැයි දැනුවත් නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද විධිමත් වැඩපිළිවෙලක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »