Lockdown ලිහිල් වුණත් නවසීලන්තයෙන් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මෙල්බර්න් වෙත තවදුරටත් සීමා

Annastacia Palaszczuk

Lockdown තත්වය ලිහිල් කෙරුණද Greater Melbourne කලාපය සමග තවදුරටත් සංචරණ සීමා අනුගමනය කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පියවර ගෙන තිබේ.

තවත් දින 07 කට එය වලංගු වන බවයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලේ.

එමෙන්ම Greater Sydney වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ටද ඇය දැඩි ලෙස අනතුරු අගවා සිටිනවා.

ලබන සෙනසුරාදා අලුයම 01 සිට බලපැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණෙන ඕනෑම අයෙකු පෝරමයක් සම්පූර්ණ කල යුතුයි.

මේ අතර වික්ටෝරියා සමග වන සංචාරක බුබුළ අත්හිටුවීම ලබන අගහරුවාදා දක්වා දීර්ඝ කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා හි සංචරණ සීමා ලිහිල් කලද තවත් දින කිහිපයක් පවතින තත්වය සමීපව නිරීක්ෂණය කරන බව නවසීලන්තය කියයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »