Search

ඔස්ටේ්‍රලියාවේ ජාතික අවම වැටුප පැයකට $ 20.33 දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියාවේ ජාතික අවම වැටුප සියයට 2.5 කින් ඉහළ දමා තිබේ.

Fair Work කොමිසම නිවේදනය කලේ මේ අනුව අවම වැටුප ලබන්නෙකුට මින් ඉදිරියට පැයකට ඩොලර් 20.33 ක වැටුපක් හිමිවිය යුතු බවයි.

සතියකට පැය 38 ක් සේවය කරන අයෙකුට මේ අනුව සතිපතා ඩොලර් 772.60 ක් හිමිවිය යුතුයි.

ජූලි පළමුවනදා සිට මෙම වැටුප් ඉහළ දැමීම් ක්‍රියාත්මක විය යුතු නමුත් පවතින කොවිඩ් වසංගතය හමුවේ ඇතැම්විට ඇතැම් අංශ සඳහා එදිනට පසුව මෙම වැටුප් වැඩි කිරීම සිදුවනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ ලක්ෂ 20 කට ආසන්න පිරිසකට මෙම වෙම වැටුප් සහනය ලැබීමට නියමිතයි.

වෘත්තීය සමිති විසින් ඉල්ලා තිබුණේ සියයට 3.5 කින් වැටුප් වැඩි කිරීමටයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »