Search

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වැදගත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ හමුවූ නව ආසාධිතයාද මෙල්බර්න් කොවිඩ් පොකුරටම සම්බන්ධ අයෙකු බව හෙළිවී තිබේ.

මෙල්බර්න් නාගරික කලාපයේ වාසය කරන එම තැනැත්තා සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල අයෙකු බවට හෙළි වී ඇතැයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මෙම තැනැත්තාගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් 03 දෙනා අද පෙරවරුවේ පරීක්ෂණවලට භාජනය කෙරුණු අතර ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටිකි.

මේ අතර සිය මිතුරෙකු / ඥාතියෙකු හෝ දන්නා වූ කවර තැනැත්තෙකු කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහා සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »