
හැකි ඉක්මණින් තමන්ටද ව්‍යාපාර ස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස මෙල්බර්න් නගරයේ ශරීර සුවතා මධ්‍යස්ථාන (Gym) සහ ක්‍රීඩාගාර (play centres) හිමිකරුවන් පිරිසක් වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අවන්හල් – සිල්ලර වෙළඳ සැල් වැනි ස්ථානවලට විවෘත කිරීමට අවසර හිමිවී ඇතත් Gym සඳහා මේ දක්වා එම අනුමැතිය ලැබී නැහැ.
එය තමන්ට සිදුවන බලවත් අසාධාරණයක් බවයි Gym හිමිකරුවන් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් පවසන්නේ මෙම ඉල්ලීමට අවසර දීමට තවමත් කල් වැඩි බවයි.
Gyms යනු අධි අවධානම් ස්ථාන බවද වික්ටෝරියා 02 වන කොවිඩ් රැල්ලේදී ආසාධිතයන් 27 දෙනෙකු Gyms ආශ්‍රිතව හමුවී ඇති බවද ඔහු ප්‍රකාශ කලා.

එහෙත් දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාධිතයන් ගණන අඩු අගයක් ගැනීම හමුවේ තත්වය සළකා බලා ලබන සතියේදී අවසන් තීරණයක් දිය හැකි බවද බ්‍රෙට් සට්න් සඳහන් කලා.