Search

ශ්‍රී ලාංකික සරණාගත දැරියක් රුධිර ආසාදනයක් හේතුවෙන් පර්ත් රෝහල වෙත යොමු කෙරේ.

බටහිර ඕස්ට්‍රේලියාවෙන් බැහැර ක්‍රිස්මස් දූපතේ සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකික​ දෙමළ සරණාගත පවුලක ඕස්ට්‍රේලියානු ජාතික බාලම දියණිය හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පර්ත් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

මෙම පවුල 2019 වන වර්‍ෂයේ සිට මේ දක්වා මෙලෙස රැඳවුම් භාවයේ සිට ඇති බවට සඳහන්.

සරණාගතයින්ගේ නීතිඥයින් පවසන්නේ තුන් හැවිරිදි තාරුනිකා මුරුගප්පන් මැයි 25 සිට අසනීප තත්ත්වයෙන් පසුව ඇති බවත් ඇය septicaemia රෝගයෙන් පෙලෙන බව සැක පල කරන බව ය​.

ලබන සතියේ සිව්වන වියට පා තබන තාරුනිකා සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය  කෝපිකා යන දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ උපත ලැබූවන් වේ.

 

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »