NSW ප්‍රාන්තය තුළද දැවැන්ත නිරෝධායන මධ්‍යස්ථානයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද දැවැන්ත නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වෙයි.

මේ අනුව හෝටල් නිරෝධායනය සඳහා යොමුවන සියල්ල එක් ස්ථානයක රඳවා තැබීමට පහසුකම් සැලසෙන බව ප්‍රාන්ත මුදල් අමාත්‍ය Dominic Perrottet පෙන්වා දෙයි.

මෙවැනිම යෝජනාවක් පසුගිය සතියේදී වික්ටෝරියා ප්‍රාන්තය විසින්ද ඉදිරිපත් කල අතර ඊට ෆෙඩරල් රජය අනුමැතිය ලබා දුන්නේය.

ලොව පුරා පවතින කොවිඩ් තත්වය සැළකීමේදී ඉදිරි මාස 12 අතිශය තීරණාත්මක බවයි NSW ප්‍රාන්ත මුදල් අමාත්‍ය Dominic Perrottet සඳහන් කරන්නේ.

දැනට NSW හි හෝටල් නිරෝධායනයේ නිරත සංඛ්‍යාව 5,000 කට ආසන්නය.

කෙසේවෙතත් මෙම යෝජනාවට අගමැති ස්කොට් මොරිසන් මෙතෙක් අනුමැතියක් ලබාදී නැතැයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කර තිබේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »